දූෂණය කිරීමෙන් අනතුරුව අධික ලෙස වද හිංසාවට ලක්කර 13 හැවිරිදි ගැහැණු ළමයෙකු ව ඝාතනය කිරීමේ සිද්ධියක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
ඇයගේ සිරුර උක් වගා බිමක තිබී හමු වී ඇති අතර පොලීසිය විසින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
2012 වසරේදී බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක් කර තරුණියක් ව මරා දැමීමෙන් අනතුරුව ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවරයන්ට එරෙහිව ඉන්දියාව පුරා දැඩි විරෝධයක් මතුව ආවේය.
එම විරෝධතා සමගම ස්ත්‍රී දූෂණ සම්බන්ධ එරට නීති සංශෝධනය කෙරිණි. නමුත් කාන්තාවන් ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදුවන හිංසා සහ අතවර ඉන් අඩුවී නොමැති බව පෙනී යයි.
ඉහත සඳහන් 13 හැවිරිදි දැරිය ඝාතනය කර තිබුණේ පසුගිය සිකුරාදා ය.
වැසිකිළිය ට ගිය සිය දියණිය ප්‍රමාද බැවින් ඒ ගැන සොයා බලන විට දෙමව්පියන්ට ඇයගේ සිරුර හමු වී තිබේ.
දූෂණය කිරීමෙන් අනතුරුව ගෙල සිරකර ඇය ව ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී තිබේ.




