සාර්ථක වෙතැයි අනුමාන කෙරෙන “කොරෝනා වෛරසට එරෙහි එන්නතක්” ලබාගැනීමට අවස්ථාව ලැබුණු බව ඔස්ට්‍රේලියාව පවසයි.
එම එන්නත එරට සියලු ජනතාවට නොමිලයේ ලබාදීමට ඔස්ට්‍රේලියානු රජය සැලසුම් කරයි.
ඔස්ට්‍රේලියාවේ මුළු ජනගහණය මිලියන 25කි.
එම එන්නත “ඇස්ට්‍රාසෙනේකා” සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව වැඩිදියුණු කරමින් පවතී.
ඊට අදාළ අත්හදාබැලීම් සාර්ථක වුවහොත් “ඇස්ට්‍රාසෙනේකා” සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කර එහි සාර්ථකත්වය සියලුම ඔස්ට්‍රේලියානුවන්ට අත්විඳීමට සලස්වන බව එරට අගමැති ස්කොට් මොරිසන් පවසයි.
මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 23,773 දෙනෙක් ඔස්ට්‍රේලියාවෙන් හමු වී ඇති අතර මියගොස් ඇති ගණන 438කි.
“ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනේකා” එන්නත මෙතෙක් සාර්ථකත්ව පෙන්වා ඇති කොරෝනා වෛරස් එන්නත් 5 කින් එකකි. එය මේ වනවිට සායනික අත්හදාබැලීම් සඳහා ලක් කරමින් පවතී.
බොහෝ රටවල් එය මිලදී ගැනීමට පෙළ ගැසී සිටින බව විදෙස් වාර්තා පවසයි.




