ජෝ බයිඩන් අමෙරිකානු ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කර තිබේ.
ඒ ඩිමොක්රටික් පක්ෂ සමුලුවේදීයි .
කොරෝනා ව්‍යාප්තියෙන් අර්බුදයට මුහුණපා සිටින අමෙරිකාව ඉන් මුදාගැනීමට අවැසි අත්දැකීම් සහ හැකියාව ජෝ බයිඩන් සතු බව හිටපු අමෙරිකානු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් සහ ජිමී කාටර් ද මෙහිදී ප්‍රකාශ කළ බව සඳහන් වේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්මාණය කළ වියවුලෙන් අමෙරිකාව මුදා ගැනීමට ජෝ බයිඩන් සමත්වනු ඇතැයිද බිල් ක්ලින්ටන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජෝ බයිඩන් මෙම අපේක්ෂකත්වයට පත්ව ඇත්තේ ඩිමොක්රටික් නියෝජිතයින් සහ ප්‍රාන්ත 50 ක මෙන්ම එක්සත් ජනපදයේ ප්‍රදේශ හතක සාමාන්‍ය ජනතාවගේ වැඩි ඡන්දයෙන් බව සඳහන් වේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජො බයිඩන් සඳහන් කර ඇත්තේ ලබන ජනාධිපතිවරණය සඳහා ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකත්වයට පත්වීම සිය ජිවීතේ හිමිවු ගෞරවයක් බවයි.




