අද ලෝක තෙත් බිම් දින ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

Share

ලෝක තෙත් බිම් දින ජාතික වැඩසටහන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2) පෙ.ව. 9.00 ට බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය සංවිධානය කරනු ලබයි. 1971 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වැනි දින ලෝක තෙත්බිම් දිනය වශයෙන් ලෝකය පුරා උත්සවාකාරයෙන් සමරනු ලබයි‍.

පරසර පද්ධතියක් වශයෙන් තෙත් බිම් යනු අතිසංවේදී විශේෂ පාරිසරික හා සමාජයීය කාර්යභාරයකටදායක වන පරිසර පද්ධතියක් බැවින් එය රැක ගැනීම සඳහා ලෝක මට්ටමින් පියවර ගෙන ඇත.

සමස්ත පෘථිවි පෘෂ්ඨයෙන් 6% ක් තෙත්බිම්වලින් ආවරණය වන අතර, එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ද 15% ක් තරම් ඉහළ අගයක් ගන්නා නිසා පරිසර පද්ධතියක් වශයෙන් වැඩි වටිනාකමක් මෙම පරිසර පද්ධතියට හිමි වේ.

Read more

Local News