කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ඊයේ(29) රාත්‍රියේ වීථි සංචාරය කළේය.
විහාර මන්දිරය වෙත සධාතුක කරඬුව වැඩමවීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුකෙරුණි.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් අනුශාසනාව සිදුකළ අතර විහාරාධිපති පූජ්‍ය අළුත්නුවර අනුරුද්ධ හිමියන් විසින් එහිදී ආගමික වතාවත් සිදුකළහ.
අනතුරුව අවසන් පෙරහැරේ මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණි.