ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන “පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය – 2018” විවෘත කිරීම ඊයේ (02) සිදුවිය.
ඊයේ ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය අද (03) සහ හෙට (04) දිනවල ද පෙ.ව 10.00 සිට ප.ව 9.00 දක්වා මහජනතාවට විවෘතව තැබේ.
10 වෙනි වරටත් සංවිධානය කළ මෙවර ප්‍රදර්ශනය සදහා දිවයිනේ සියලූම ප්රමුඛ පෙළේ පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන් සහභාගී වී සිටින අතර, ප්‍රදර්ශනය කුටි 230 කින් සමන්විත මෙවර ප්‍රදර්ශනයේදී නවීන විලාසිතාවලට සරිලන පරිදි නිෂ්පාදනය කරන ලද අපනයන තත්ත්වයේ පාවහන් හා සම්භාණ්ඩ ජනතාවට පහසු මිලට ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.
මීට අමතරව මෙවර ප්‍රදර්ශනයට ඉන්දියානු, පකිස්තානු සහ චීන, අමුද්‍රව්‍ය යන්ත්‍රෝපකරණ හා උපාංග සැපයුම්කරුවන් රැසක් සහභාගී වී සිටින අතර දේශීය සම්භාණ්ඩ නිෂ්පාදකයන්ට අවශ්‍ය වන අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, උපාංග සහ නව තාක්ෂණික මෙවලම් ද මෙහිදී පහසු මිලට ලබා ගත හැකිවනු ඇත.