Home දේශීය පුවත් අටලුගම දී පොලීසියේ රාජකාරියට බාධා කළ කතුන් 3ක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

අටලුගම දී පොලීසියේ රාජකාරියට බාධා කළ කතුන් 3ක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

0
අටලුගම දී පොලීසියේ රාජකාරියට බාධා කළ කතුන් 3ක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

බණ්ඩාරගම, අටලුගම, මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම ප්‍රදේශයේ නිවසක් තුළ ගංජා ජාවාරම් සිදුකරන බවට බණ්ඩාරගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද(09) උදෑසන 8.30ට පමණ එම නිවස වැටලීමට ගිය අවස්ථාවේ දී එහි සිටි කාන්තාවන් සිව්දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 4 දෙනෙක් වැටලීම් රාජකාරීවලට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ට පහර දුන් බව පොලීසිය පවසයි.

එම පහර දීමෙන් උප පොලිස් පරීක්ෂකවරු දෙනෙක්, කාන්තා පොලිස් සැරයන්වරියක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලබා ඇත.

ඒ අනුව පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයෙක් බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here