Home විදෙස් පුවත් රුසියාවේ ගුවන් අනතුරක් – සියලු මගීන් මරණයට

රුසියාවේ ගුවන් අනතුරක් – සියලු මගීන් මරණයට

0
රුසියාවේ ගුවන් අනතුරක් – සියලු මගීන් මරණයට

මොස්කව් ‘දමදෙදවා’ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කළ මගී යානයක් ගුවන්ගත වීමෙන් මඳ වේලාවකට පසු කඩා වැටුණ බව රුසියාව වාර්තා කරයි.

නිලධාරීන් සඳහන් කරන ආකාරයට යානයේ සිටි හැත්තෑ එකක් වූ මගීන්ගෙන් කිසිවකුගේ ජීවිත බේරී නැත.

මොස්කව් අගනුවරින් ගිනිකොණ දෙසින් පිහිටි ‘අර්ගුනවා’ ගම්මානයට ගිනිගත් ගුවන් යානය කඩා වැටුණු බවයි වාර්තා වන්නේ. යානය ගුවන්ගත කරනු ලැබීමෙන් මිනිත්තු කීපයකට පසු එය වේගයෙන් පොළොව දෙසට පහත් වෙමින් තිබුණ බව යානය සොයා ගිය ගවේෂකයෝ වාර්තා කරයි.

මොස්කව් අගනුවරින් ගිනිකොණ දෙසින් පිහිටි හිමෙන් වැසුණ භූමි භාගයක යානයේ විනාශ වූ යානයේ සුංබුන් සහ මළ සිරුරු විසිර තිබුණ බවත් වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here