Home දේශීය පුවත් බස්නාහිර පළාතෙන් පිටවීමේ තහනම ඉවත් කෙරේ

බස්නාහිර පළාතෙන් පිටවීමේ තහනම ඉවත් කෙරේ

0
බස්නාහිර පළාතෙන් පිටවීමේ තහනම ඉවත් කෙරේ

අද දිනයේ සිට නැවත පිටකොටුව ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ සහ කොළඹ, බැස්ටියන් මාවතේ බස්නැවතුම්පොළ විවෘත කරනු ලැබිය.

 

හුදකලා කර ඇති ප්‍රදේශ හරහා බස් රථවලට ගමන් කළ හැකි වුවද එම ප්‍රදේශ වලින් මගීන් නංවා ගැනීම සහ බැස්සවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද උදෑසන සහ පස්වරුවේ විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරිමට පියවර ගන්නා බවයි.

එහි දැක්වෙන්නේ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශවල දුම්රියන් නොනවත්වා ධාවනය කෙරෙන අතර හුදකලා කර ඇති දුම්රිය ස්ථාන අතුරින් කොටුව දුම්රිය ස්ථානයෙන් පමණක් සියලු දුම්රියන්වල ගමනාරම්භය සහ ගමනාන්තය සිදු කරනු ඇති.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතෙන් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත් කිරීම කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here