ඇමර්සන් වනාන්තරයේ වන විනාශය

Share

බ්‍රසීලයේ ඇමර්සන් වනාන්තරයේ සිදුවන වන විනාශය උග්‍රම තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

2008 වසරෙන් පසු වැඩිම වන සංහාරයක් සිදුව ඇත්තේ 2019 වසරේ අගෝස්තු මාසයේ සිට මෙම වසරේ ජුලි මාසය දක්වායි.

ඒ ජනාධිපති ජේර් බොල්සනාරෝගේ පාලන කාලය තුළ බව පරිසරවේදීන් පවසයි. එම කාලය තුළ වර්ග කිලෝමීටර් එකොළොස්දහසකට අධික වන ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.

පසුගිය වසරට සාපේක්ෂව එය සියයට 9.5ක ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමට ඇමසන් වනාන්තරයෙන් ලැබෙන දායකත්වය මේ සමගම අවම තත්ත්වයට පත්වෙමින් පවතින බවට පරිසරවේදීන් චෝදනා කරයි.

සත්ව හා ශාක ප්‍රභේද මිලියන තුනකට හා ආදිවාසීන් මිලියනයකට පමණ නිජබිම වී ඇත්තේ ඇමසන් වනාන්තරයයි.

වන විනාශය වැඩි වීමත් සමගම එම සත්ව හා ශාක ප්‍රජාව දැඩි අර්බුධයකට මුහුණ දී තිබේ. බ්‍රසීල ජනාධිපති ජේර් බෝල්සනාරෝ ඇමසන් වනාන්තරය තුළ කෘෂි වගා හා පතල් කර්මාන්තය සිදුකිරීමට අවසර ලබා දීම වන විනාශයට මූලික හේතුව ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Read more

Local News