බුරවි සුළි කුණාටුවෙන් දැඩි හානි නෑ – තද සුළං තවදුරටත්

Share

බුරවි සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

 

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “බුරවී” සුළි කුණාටුවේ කේන්ද්‍රය ඊයේ(02) රාත්‍රී 10.30ත්  11.30 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළේ තිරියායි සහ කුච්චවේලී අතරින් ශ්‍රී ලංකා ගොඩබිමට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ .කි.මී. 70-80 පමණ වන අතර විටින් විට පැ. කි.මී. 90 දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News