ජර්මනියේ සීමා කිරීම් දීර්ඝ කෙරේ

Share

ලොව පුරා පවතින කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් ජර්මනිය තුළ පනවා ඇති සීමාකිරීම් ලබන ජනවාරි මස 10වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

රාජ්‍ය නායකයින් සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මහජන කටයුතුවලදී ජනතාව එක්රැස්වීම සඳහා සීමාවන් පනවා තිබේ.

එමෙන්ම වෛරසය මැඩපැවැත්වීම සඳහා මේ වන විට හෝටල් හා අවන්හල් වසා දැමීමට කටයුතු කර තිබේ.

Read more

Local News