අද සිට බ්‍රිතාන්‍ය ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමට පියවර

Share

අද සිට කෙරෝනා මර්දන එන්නත බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේය.

 

අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ මෙම එන්නතට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ ද බ්‍රිතාන්‍යයයි.

සායනික මට්ටමේදී රටවල් කිහිපයක පුද්ගලයින් 44000 ක් පමණ යොදාගෙන මෙම එන්නතේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කෙරිණු අතර එහිදී තහවුරු වූයේ කොරෝනා මර්දනය සඳහා 95% ක ඵලදායීතාවක් ඇති බවයි.

බ්‍රිතාන්‍ය තුළ මෙම එන්නත ලබා දීමේදී වයස අවුරුදු 80 ඉක්මවූ වැඩිහිටියන්, සෞඛ්‍ය සේවකයින්ට සහ වැඩි අවදානම් සහිත පිරිස් සඳහා ලබා දීමට තීරණය කොට තිබේ.

අදාළ සමාගම් පෙන්වා දෙන්නේ එක් අයෙකුට එන්නත් මාත්‍රා දෙකක් ලබා දිය යුතු බවයි.

පළමු එන්නත් මාත්‍රාව ලබා දීමෙන් සති තුනකට පසුව දෙවැනි මාත්‍රාව ඒන්නත් කළ යුතු බව ද එම සමාගම් පෙන්වා දෙයි.

අදින් ආරම්භ වන සතියක කාළය තුල ලක්ෂ 8 ක පිරිසකට එන්නත ලබා දීමට නියමිතයි.

Read more

Local News