බ්‍රිතාන්‍යයේ කොවිඩ් එන්නත ලබා දුන් ප්‍රථම කාන්තාව

Share

බ්‍රිතාන්‍යයේ මේ වන විට කොවිඩ් එන්නත් ලබා දිමේ වැඩසටහන අරඹා තිබේ.

 

ඒ අනුව උතුරු අයර්ලන්තයේ වයස අවුරුදු 90ක කාන්තාවකට ප්‍රථමයෙන් එන්නත ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාග්‍රට් කීනන් නමැති අදාළ කාන්තාව ලබන සතියේ 91 වැනි වියට පාතැබීමට නියමිතව සිටින්නී ය.

එන්නත ලබා ගැනීමෙන් පසු වෛරසයට එරෙහි එන්නත ලබා ගත් ලොව පළමු පුද්ගලයා වීම තමාට මහත් වරප්‍රසාදයක් යැයි හැඟෙන බව ඇය පවසා ඇත.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ,  පවුලේ උදවිය සහ මිතුරන් සමග නව වසරේ කාලය ගත කිරීම පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි බැවින් එය තම උපන්දිනයට පෙර ලද හොඳම තෑග්ග බවයි.

තවද අවුරුදු 90ක් තරම් වයසක පසු වන තමා එන්නත ලබා ගත්තේ නම්, අන් අයට ද එය එතරම් දෙයක් නොවන බව ඇය පවසා ඇත්තේ, එන්නත ලබා ගැනීමට අන් අය දිරි ගන්වමිනි.

අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ , කෙරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ බ්‍රිතාන්‍යයයි.

අද සිට කෙරෝනා මර්දන එන්නත බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේය.

අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ මෙම එන්නතට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ ද බ්‍රිතාන්‍යයයි.

සායනික මට්ටමේදී රටවල් කිහිපයක පුද්ගලයින් 44000 ක් පමණ යොදාගෙන මෙම එන්නතේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කෙරිණු අතර එහිදී තහවුරු වූයේ කොරෝනා මර්දනය සඳහා 95% ක ඵලදායීතාවක් ඇති බවයි.

බ්‍රිතාන්‍ය තුළ මෙම එන්නත ලබා දීමේදී වයස අවුරුදු 80 ඉක්මවූ වැඩිහිටියන්, සෞඛ්‍ය සේවකයින්ට සහ වැඩි අවදානම් සහිත පිරිස් සඳහා ලබා දීමට තීරණය කොට තිබේ.

අදාළ සමාගම් පෙන්වා දෙන්නේ එක් අයෙකුට එන්නත් මාත්‍රා දෙකක් ලබා දිය යුතු බවයි.

පළමු එන්නත් මාත්‍රාව ලබා දීමෙන් සති තුනකට පසුව දෙවැනි මාත්‍රාව ඒන්නත් කළ යුතු බව ද එම සමාගම් පෙන්වා දෙයි.

අදින් ආරම්භ වන සතියක කාළය තුල ලක්ෂ 8 ක පිරිසකට එන්නත ලබා දීමට නියමිතයි.

Read more

Local News