සිංහයන් සිව් දෙනෙකුටත් කොරෝනා

නව කොරෝනා වෛරසය මිනිසාට මෙන්ම සත්වයින් හටද අසාදනය වන බවට හදුනාගෙන තිබේ.

 

ඒ අනුව සිංහයන් සිව් දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ස්පාඤ්ඤයේ බාර්සිලොනා සත්වෝද්‍යානයේ සිටින සිංහයන් සිව් දෙනෙකුට මෙලෙස කොවිඩ් ආසාදනය වී තිබේ.

එම සත්වෝද්‍යානයේ සේවකයින් දෙදෙනෙක් ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන  ඇති බව වාර්තා වෙයි.

මීට පෙර අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ සත්වෝද්‍යානයක කොටි සිව් දෙනෙක්ට සහ සිංහයන් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබුණි.

Exit mobile version