ෆේස්බුක් මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් බිඳවැටීමක්

Share

මේ වන විට ලොවපුරා ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ට එම සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමට නොහැකි වී තිබේ.

 

එක්සත් රාජධානිය පුරා ලක්ෂ සංඛ්‍යාත පරිශීලකයින්ට බලපාන පරිදි ෆේස්බුක් සතු සමාජ මාධ්‍ය යෙදුම් අද උදෑසන පහත වැටි තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද උදෑසන 7 ට පමණ මෙම ගැටළුව ආරම්භ වූ අතර දහස් ගණනක් පරිශීලකයින් පණිවිඩ යැවීමේ හා ලැබීමේ ගැටළු පිළිබඳව පැමිණිලි කර තිබෙන අතර 80% ක් පමණ දෙනා පණිවුඩ නොලැබෙන බව පවසා ඇති අතර 20% ක් ඩවුන්ඩෙටෙක්ටර් අනුව ලොග් වීමේ ගැටළු වාර්තා කර තිබේ.

අදාල සමාජ මාධ්‍ය හිමි සමාගම් පවසන්නේ එම ගැටලුව ඉතා කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බව විදෙස් මාධ්‍ය වැඩ්දුරටත් සදහන් කරයි.

Read more

Local News