ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති සහ අධිකරණ ඇමැති අතර හමුවක්

ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති (යුරි මැටරි) Yury Materiy මහතා සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා අතර හමුවක් ඊයේ (10) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දෙරට අතර සුහදතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදි අදහස් හුවමාරු විය.
අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා සහ රුසියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම් Oleg Rudnev මහතා ද මෙම අවස්ථාවට එක් විය.
Exit mobile version