කොළඹ අවට තැන් කිහිපයකට අද රාත්‍රියේ ජල කප්පාදුවක්

Share

අද (11) රාත්‍රියේ කොළඹ, මරදාන සහ කොම්පඤ්ඤවීදිය අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.

මහ කොළඹ ජල හා අපජලය කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

Read more

Local News