රුසියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට

Share

ජර්මනියෙන් සහ රුසියාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හමුවේ නත්තලට පෙර දෙවන වරටත් රට වසා දැමීමේ අවදානමකට ජර්මනිය මුහුණ පා සිටින බවයි.

ජර්මනියෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 585 ක් සහ නව ආසාදිතයන් 29875 ක් වාර්තා වූ අතර එය එරට මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සටහන් වේ.

පෙර සැලසුම් කළ දේට වඩා කඩිනමින් කටයුතු කළ යුතු බව ජර්මනියේ ආර්ථික අමාත්‍ය පීටර් ඇල්ටමයර් සඳහන් කළේ ය.

ඉකුත් නොවැම්බර් මස සිට අර්ධ ලෙස රට වසා දැමූ ජර්මනිය නත්තලේදී එම සීමා ලිහිල් කිරීමට අපේක්ෂා කළ නමුත් පවතින තත්ත්වය හමුවේ එසේ කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට ජර්මානුවන් පැකිලීමත්, කොරෝනා රෙගුලාසි දැඩි කරන ලෙස ජර්මානු චාන්සල්වරිය කළ ඉල්ලීම් එරට ප්‍රාදේශීය නායකයන් නොතකාහැරීමත් මෙම තත්ත්වයට හේතු වූ බවයි.

රුසියාව සහ යුක්‍රේනයෙන්ද දෛනික කොරෝනා මරණ වාර්තාවීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව රුසියාවෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 613 ක් වාර්තා වූ අතර යුක්‍රේනයේ එය සටහන් වූයේ 285 ක් ලෙසයි.

Read more

Local News