බ්‍රිතාන්‍යයෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් හදුනා ගැනේ

Share

ලොවපුරා කොරෝනා වෛරසය මේ වන විට පැතිර ගොස් තිබේ.

 

මේ අතර කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන ඇති අතර එය වේගයෙන් ආසාදන වීම ඉහළ ගොස් ඇතැයි එරට රජය සදහන් කර තිබේ.

මේ හේතුවෙන් එර‍ට බලධාරීන් ලන්ඩනය සහ ඒ අවට ප්‍රදේශ COVID-19 සීමාවන්ට යටත් කර ඇත.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පසුගිය සදුදා පවසා ඇත්තේ මෙම නව වෛරස් ප්‍රභේදය ඉහළ අනුපාතයකට වැළදීමේ අවදානමක් පවතින බවය.

කෙසේ නමුත් මෙහි බරපතල රෝග ඇතිවීමට හෝ එන්නතකට ප්‍රතිචාර නොදක්වන බවට මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැත.

Read more

Local News