පසුගිය දා පැවති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩ්න් මහතා ජයගත් බව මේ වන විට ජන්ද විද්‍යාල නියෝජිතයෝ තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපතිවරණයේදී ජන්ද විද්‍යාල 306 ක බලය හිමිකරගත් ජෝ බයිඩ්න් ඉන් ජයග්‍රහණය කළ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගත්තේ ජන්ද විද්‍යාල 232 ක බලය පමණි.
අමෙරිකානු මැතිවරණ ක්‍රමවේදය යටතේ , ජන්ද දායකයන් ජන්ද විද්‍යාල නියෝජිතයන් සඳහා ජන්දය භාවිත කරන අතර පසුව එම සාමාජිකයන් විසින් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයන් නිල වශයෙන් තෝරා පත්කරගනු ලබයි.




