බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත්

මෙරට රිය අනතුරු යළිත් ඉහළ ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

 

කෙරෝනා ව්‍යාප්තියට පෙර රිය අනතුරුවලින් දිනකට පුද්ගලයින් 10 දෙනෙකු පමණ මියගොස් තිබෙන අතර කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දැමීමත් සමග එම සංඛ්‍යාව පැහැදිලි අඩුවීමක් සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේ පමණක් රිය අනතුරුවලින් මියගොස් ඇති සංඛ්‍යාව 10 ක් වන අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද රාත්‍රී සිට යළි ආරම්භ කරන බවයි.

Exit mobile version