ඊයේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් වැඩ්ම කොවිඩ් රෝගීන්

ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන් ගණන 650කි.

 

ඉන් 12ක් බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන තිබුණි.

ඊයේ (17) දිනයේත් වැඩිම කොරෝනා රෝගීන් ගණනක් වාර්තාවන දිස්ත්‍රික්කය බවට කොළඹ දිස්ත්‍රික්කය පත්විය.

ඒ කොවිඩ් -19 ආසාදිතයින් 242ක් කොළඹ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වීමත් සමගයි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 126 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 35,387 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් ආසාදිතයින් 26,353 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 8,874 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

Exit mobile version