ඊයෙත් වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹින්

Share

ඊයේ (20) දිනය තුළ මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 594 දෙනෙක් හඳුනාගෙන තිබේ.

 

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ආසාදිතයින් ගණන 253ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124ක් හා මහනුවරින් ආසාදිතයින් 62ක් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් මරණ 5ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 176ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News