ආරවුලක් දුරදිග ගොස් කාන්තාවක් විසින් පුද්ගලයෙකුව ඝාතනය කරයි

Share

හෝමාගම ප්‍රදේශයේදී කාන්තාවක් විසින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

 

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අතර නිවසක් තුළදී ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාළ කාන්තාව විසින් පිරිමි පුද්ගලයාගේ ගෙල වයරයක් ආධාරයෙන් හිරකර මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය මෙම පුද්ගලයා කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

Read more

Local News