කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (20) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වයක් සහ තරමක් ශීත උදෑසන සහ රාත්‍රී කාලයක් (විශේෂයෙන් උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල) අපේක්ෂා කළ හැකි බවයි.
හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ සුළු හැකියාවක් ද පවතී.
දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ අනාවැකියේ දැක්වෙයි.