එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයට අනුමැතිය

Share

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විද්‍යාඥයින් සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව නිර්මාණය කරන ලද කොරෝනා වෛරසය පාලන එන්නත එක්සත් රාජධානියේ භාවිතය සඳහා අනුමත කර ඇත.

 

එය එක්සත් රාජධානියේ ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරයේ විශාල ව්‍යාප්තියකට තුඩු දෙනු ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගෙන මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකය.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ ජනවාරි 04 වනදා සිට මෙම එන්නත භාවිතය ආරම්භ වන බවත් එය ලබන වසරේ මුල් සති කිහිපය තුළ වේගවත් වනු ඇති බවත්ය.

එක්සත් රාජධානිය ඇස්ට්‍රාසෙනෙකා නිෂ්පාදකයාගෙන් එන්නත් මාත්‍රා මිලියන 100 ක් ඇණවුම් කර ඇත. ඒ මිලියන 50 ක ජනතාවට එන්නත් කිරීම සදහාය.

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත 2020 වසරේ මුල් මාසවලදී නිර්මාණය කරන ලද අතර එය අපේ‍්‍රල් මාසයේ සිට ස්වේච්ඡා කණ්ඩායම් යොදා ගනිමින් මහා පරිමාණ සායනික අත්හදා බැලීම් සිදු කර ඇත.

Read more

Local News