ජපානයෙන් දැවමය චන්ද්‍රිකාවක් (ඡායාරූප)

Share

ජපානය විසින් දැවයෙන් නිපදවන ලද පළමු චන්ද්‍රිකාව 2023 දී අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කර තිබෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

 

2023 වනවිට දැවයෙන් නිපදවන ලද පළමු අභ්‍යවකාශ චන්ද්‍රිකාව නිපදවීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියකට ජපන් සමාගමක් සහ කියෝතෝ සරසවිය කටයුතු කරන අතර පෘථිවියෙහි සංකීර්ණ පරිසර රටාවන් යටතේ විවිධ දැව වර්ග පිළිබඳව අත්හදාබැලීම් ආරම්භ කරන බව එම ඒකාබද්ධ ව්‍යාපෘතිය මගින් නිවේදනය කරනු ලබයි.

චන්ද්‍රිකා අභ්‍යවකාශගත කරනු ලැබීම වැඩිවීමත් සමඟ අභ්‍යවකාශයට එක්වෙන අපද්‍රව්‍ය ප්‍රමාණයේ වැඩිවීම මේ වනවිට බරපතල අතට හැරෙමින් පවතින බවත් එවැනි පසුබිමක් යටතේ දැවමය චන්ද්‍රිකා යළිත් පෘථිවියට කැඳවීමක දී හෝ කඩා වැටීමක දී, අවකාශයට සුන්බුන් එක්කිරීමකින් හෝ අපද්‍රව්‍ය වැස්සක් මිහිතලය මත විසිරයාමකින් තොරව ඒවා ගුවනේදීම පුළුස්සා දැමිය හැකිවනු ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසයි.

JA;AN ,SATTELITE

satelliteSATTALITE

 

Read more

Local News