යේමනයේ, ඒඩන් ගුවන්තොටුපොළේ සිදු වූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිපිරීමෙන් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව යේමන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා තහවුරු කර තිබේ.
යේමන නව රජයේ ඉහළ තනතුරු දරන පිරිසක් රැගත් ගුවන් යානයක් සෞදි අරාබියේ සිට පැමිණ සුළු වේලාවකින් පසු මෙම පිපිරීම සිදුවී තිබෙන අතර එම ගුවන් යානයෙන් පැමිණි නව රජයේ කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසට ප්‍රහාරයෙන් හානියක් වී නොමැත.
ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඒඩන් හී මාෂෙක් ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයක තව ත් පිපිරීමක් සිදුව තිබේ.
මෙම පිපිරීම් සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කරන ලද තොරතුරක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බව ද යේමන බලධාරීන් පැවසීය.
කෙසේ වෙතත්, යේමන අග්‍රාමාත්‍ය මේන් අබ්දුල්මලික් සයීඩ් ප්‍රකාශ කළේ, මෙය බියගුලු සහ දේශද්‍රෝහී ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.












