ෆයිසර් එන්නත ලබාගත් නිලධාරියෙකුට කොරෝනා වැළදෙයි

Share

මේ වන විට කොරෝනා පාලනය සදහා අමෙරිකානු වැසියන්ට ෆයිසර් එන්නත්කරණය ලබා දීම අරඹා තිබේ.

 

ෆයිසර් කොවිඩ් එන්නත ලබාගත් අමෙරිකානු හෙද නිලධාරියකුට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සතියක කාලයකට පසු කොරෝනා වෙෙරසය වැලඳී ඇති බවට තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය 18 වැනිදා ඔහු කොවිඩ් එන්නත ලබාගත් බව 45 හැවිරිදි ඔහු කැලිෆෝර්නියාහි පදිංචිකරුවකු වන අතර ෆේස්බුක් සටහනක් තබමින් ඔහු සදහන් කර තිබේ.

නමුත් ඉන් තමාට කිසිදු ආසාත්මිකතාවක් ඇති නොවූ බවද ඔහු පවසා ඇත.

රෝහලේ කොවිඩ් අංශයේ වැඩ කිරීමෙන් අනතුරුව ඔහු 24 වැනිදා අසනීප වී තිබෙන අතර එහිදී ඔහුට සීතල, ඇඟේපතේ කැක්කුම සහ මහන්සිය දැනුණු බව හෙද නිලධාරියා පවසා ඇතැයි වාර්තා වෙයි. ඉන් පසු 26 වැනිදා ඔහු කොවිඩ් පරීක්ෂාවකට ලක්වී ඇති අතර එහිදී ඔහු ආසාදිතයකු ලෙසට හඳුනාගෙන තිබේ. ශාන්ත දියේගෝ හි ‘බෝවන රෝග විශේෂඥයකු‘ ලෙස සැලකෙන ක්‍රිස්ටියන් රේමර්ස් පෙන්වාදී තිබෙන්නේ මෙය සාමාන්‍ය තත්ත්වයක් බවයි.

එන්නතේ සායනික අත්හදා බැලීම්වලින් තේරුම් ගෙන තිබෙන්නේ එන්නතෙන් සිරුර තුළ ප්‍රතිශක්තිය ඇතිවීමට දින 10ක් 14ක් ගත වන බවට රේමර්ස් පවසා තිබේ.

පළමු මාත්‍රාවෙන් සියයට 50ක පමණ ආරක්ෂාවක් දෙන අතර එය සියයට 95 දක්වා වර්ධනය වීමට දෙවැනි මාත්‍රාවත් අවශ්‍ය වන බවද එම වාර්තා සඳහන් කරයි.

Read more

Local News