ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී ලැරී කිං ටත් කොරෝනා

Share

සුප්‍රසිද්ධ අමෙරිකානු ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී ලැරී කිං කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු මේ වන විට ලොස්ඇන්ජලීස් හි රෝහලකට ඇතුලත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

පවුලේ සමීප පුද්ගලයකු උපුටා දක්වමින් සීඑන්එන්  ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත්තේ 87 හැවිරිදි ලැරී කිං සතියකට වැඩි කාලයක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ලැරී කිං වසර 60 ක සිය වෘත්තීය ජීවිතය තුළ අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වී තිබේ. 1970 දශකයේදී ආරම්භ කළ ලැරී කිං ෂෝ ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔහු ලොව පුරා කීර්තියට පත්විය.

Read more

Local News