පැහැර ගත් හිම්නමක් ඝාතනය වෙයි : දේහය සුසාන භූමියකින් හමුවෙයි

Share

ඉකුත් 2 වනදා රාත්‍රියේ කොස්වත්ත කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩසිටියදී පැහැර ගැනීමට ලක් වූ ස්වාමීන් වහන්සේගේ දේහය සුසාන භූමියක් තුළ පුළුස්සා දමා තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

 

වැඩසිටි 65 වියැති උඩුවිල ධම්මසිරි ස්වාමීන් වහන්සේ කිසියම් පිරිසක් විසින් පැහැරගෙනගොස් තිබු අතර ඊයේ (04) දිනයේ කොටදෙණියාව පොලිස් වසමේ නාවාන සුසාන භූමියේ තිබී අදාළ දේහය හමුවී තිබුණි.

මෙම පැහැර ගැනීම සිදුකළ කණ්ඩායමේ සැකකරුවන් 4ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවක් පිරිමි පුද්ගලයින් තිදෙනෙක් ඒ අතර වන බවත් පුද්ගලික ආරවුලක් මත පැහැර ගැනීම සිදුවී ඇති බවට දැනට ලැබී ඇති තොරතුරු අනුව අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read more

Local News