ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රචණ්ඩකාරිව ඇතුල්වෙයි (ඡායාරූප)

Share

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සහ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

වොෂින්ටන්හි ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට ද මේ වනවිට සීමා පනවා ඇති අතර ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සහ ෆේස්බුක් ගිණුම් පැය 12 ක කාලයකට අවහිර කර තිබෙන බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා ජනතාව නොමඟ යන ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් ඔවුන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වොෂින්ටන් නුවර විරෝධතාකරුවන්ගේ අක්‍රමණයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය.

ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක රෆායෙල් වර්නොක් සිය ජය තහවුරු කර ගත්තේ, රිපබ්ලිකන් පක්ෂයේ කෙලී ලොෆ්ලර් පරාජය කරමිනි.

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පූර්ණ බලය හිමිකර ගැනීම සඳහා ජනාධිපති ධූරයට තේරී පත් වී සිටින ජෝ බයිඩ්න්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට හැකි විය.

ඒත් සමග අමෙරිකාවේ අගනුවර වන වොෂිංටන්හි ට්‍රම්ප් හිතවාදි කණ්ඩායම් විරෝධතා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඉතා ප්‍රචණ්ඩ අයුරින් ට්‍රම්ප් හිතවාදීන් විදි බැස කලහාකාරී අන්දමින් හැසිරෙන දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී ඇත.

අවිගත් විරෝධතාකරුවන් එලෙස කැපිටල් ගොඩනැගිල්ලට ඇතුලුවී එහි දේපළවලට හානිකර තිබුණි.

කැපිටල්හිල් ගොඩනැල්ලේ දොරටු වසා ආරක්ෂාව තර කර තිබුණ ද විරෝධතාකරුවන් ඉතා ප්‍රචණ්ඩ අයුරින් ඒ තුළට ඇතුළුවීමට උත්සහ දරා තිබේ.

Supporters of Trump are confronted by Capitol Police officers outside the Senate Chamber inside the

Read more

Local News