2018 උසස් පෙළ විභාගය සඳහා අයඳුම්පත් බාර ගැනීම මේ මස 23න් අවසන්

Share

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 2018 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයඳුම්පත් බාර ගැනීමේ කාලය 2018.02.23 වැනිදායින් අවසන් වන බවයි.

ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයඳුම්පත් විදුහල්පතිවරුන් මගින් ද පෞද්ගලික අයඳුම්කරුවන්ගේ අයඳුම්පත් අදාළ අයඳුම්කරුවන් විසින්ද 2018.02.23 වැනි දිනට හෝ ඊට පෙර විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබෙන සේ යොමු කළ යුතුය.

එදිනට පසුව ඉදිරිපත් කෙරෙන අයඳුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර කිසිඳු හේතුවක් මත භාර නොගන්නා බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read more

Local News