සහරාන්ගේ බිරිද ඇතුළු 6ක් තවදුරටත් රිමාන්ඩ්

ඉරුදින පාස්කු ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ බිරිද අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 6ක් ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිය.

 

ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් නිරික්ෂණය කිරීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් හමීඩ් ෆාතිමා හාදියා, අසරුඩීන් මොහොමඩ්  ඉල්මි, අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස්, මොහම්මදු මෂ්නුක් මොහහොම්මදු රිලා, මොහොම්මදු අමීර් එම් අයතුල්ලා, මොහොමඩ් මුබාරක් මොහොමඩ් රිෆායිල් යන සැකකරුවන්ය.
Exit mobile version