තවත් නව කොවිඩ්-19 ප්‍රභේද දෙකක් අමෙරිකාවෙන්

Share

කොරෝනා වෛරස් කාණ්ඩයේ නව ප්‍රභේද දෙකක් මේ වන විට අමෙරිකාවෙන් හදුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ ඇමෙරිකාවේ ඔහයෝ ප්‍රාන්තයෙනි.

මෙම වෛරසයේ නව ප්‍රභේද 02 ක් එම ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකුට අසාදනය වී ඇති බව ඔවුන්ට සිදු කරනු ලැබූ පරීක්ෂණ තුලින් අනාවරණය වී තිබේ.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසයේ නව ප්‍රභේද 04 ක් ලෝකයට නිරාවරණය වී තිබෙන බව පර්යේෂකයෝ සදහන් කරනු ලබයි.

එමෙන්ම කොරෝනා වෛරසයේ මේ ගෙවන දෙවන වසර ලෝකයට ගිය වසරට සාපේක්ෂව ඉතා අවදානමක් පවතින බව ද සදහන්. ඊට හේතුව වි තිබෙනුයේ එම වෛරසයේ හමුවන මෙවැනි නව ප්‍රභේද තුලින් බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

Read more

Local News