ETI හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප : විදෙස් ගමන් තහනමකුත්

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ ඇප මත මුදා හැර තිබේ.

 

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇපමත නිදහස් කර ඇත.

ඇප කොන්දේසි ලෙස එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5ක ශරීර ඇප දෙකක් බැගින් නියම කර ඇති අතර විදෙස් ගමන් තහනමක්ද ඔවුන්ට පනවා තිබේ.

මේ අතර සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කර ඇත.

පසුගියදා එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ ඔවුන් පසුගිය(09) වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ETI ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

Exit mobile version