පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබේ.
දූෂණ චෝදනා හේතුවෙන් පසුගිය වසරේ දී ඔහුට අගමැති ධුරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබුණි. කෙසේ වෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්‍ෂේප කර සිටි.
අගමැති ධුරයෙන් ඉවත් වීමත් සමග ෂරීෆ්ට තවදුරටත් පී එම් එල් එන් පක්ෂයේ නායකත්වය දැරිය නොහැකි බව අධිකරණය සඳහන් කර ඇත. ඒ අනුව පසුගිය කාලයේ ඔහු ලබාදුන් තීන්දු සහ තීරණ අවලංගු වේ. තවද සති දෙකකින් පැවැත්වෙන සෙනෙට් මැතිවරණයට ඔහු ලබාදුන් නාම යෝජනා අවලංගු වන බව ද සඳහන් වේ.