කොරෝනා මර්දනයට අමෙරිකාවේ දස වැදෑරුම් වැඩපිළිවෙලක්

Share

අමෙරිකාව විනාශයට පත් කළ කොවිඩ් වෛරසයට එරෙහිව එය මර්දනය කිරීමට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් දස වැදෑරුම් වැඩපිලිවෙලක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එන්නත්කරණය වේගවත් කිරීම

පරික්ෂණ වැඩිකිරීම

මුඛ ආවරණ නිෂ්පාදනය වේගවත් කිරීම ඒ අතර වේ. වෛරස් ව්‍යාප්තිය පාලනය කිරිම සදහා තවත් මාස ගණනක් ගතවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

මෙම ක්‍රියාමාර්ග 10 ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ වසංගතය පරාජය කිරීමට මාස කිහිපයක් ගතවනු ඇති නමුත් සියලු දෙනා එක්ව කටයුතු කිරීම තුළින් ජයග්‍රහණය ළගා කර ගත හැකි බවයි.

ජෝ බයිඩ්න් 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් දිනකට පසුව මෙම පියවර ගෙන ඇත.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, කොවිඩ් වෛරසයෙන් සිදු වූ සමස්ත මරණ සම්බන්ධයෙන් ගත් කල, ජීවිත 406,000 කට වඩා අහිමි වූ දරුණුතම රට වන්නේ අමෙරිකාවයි. එරට මිලියන 24.5 කට ආසන්න සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී ඇත.

Read more

Local News