ලබන 27 වැනිදා කොවිඩ් එන්නත් හය ලක්ෂයක් දිවයිනට

Share

පළමු කොවිඩ් එන්නත් තොගය ලෙස එන්නත් එය ලක්ෂයක් එළැඹෙන 27 වැනිදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

 

කළුතර වලල්ලාවිට පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඒ අනුව එම එන්නත් ප්‍රථමයෙන් සෞඛ්‍ය සේවාවන්වල මෙන්ම ආරක්ෂක අංශවල සේවයේ නියුතු පිරිසටත් අනතුරුව වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් ඇති වයෝවෘද්ධ පිරිසටත් ලබා දීමට නියමිත බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News