ජනක කාංචනගෙන් ගිනස් වාර්තාවක්

මිලි මීටර 12 ඝනකමින් යුත් දඟර කම්බි 22 ක් තත්ත්පර 48 ක් තුළ හිසෙන් නවා නව ගිනස් වර්තාවක් පිහිටුවීමට හඟුරන්කෙත කිතුල්පේ පදිංචි ජනක කාංචන මුදන්නායක සමත්විය.

මෙයට ප්‍රථම විනාඩියක් තුළ මිලි මීටර 12 ක ඝනකමින් යුත් කම්බි 18 ක් නවා මෙම ලෝක වාර්තාව ආමේනියානු ජාතිකයෙකු වන ආමේන් ඇඩම්ස් විසින් පිහිටුවා තිබිණි. මෙයට ප්‍රථම ගිනස් ලෝක වාර්තා හතරක් තබා ඇති ජනක පාසැල් සිසුවෙකුව සිටියදී වයස අවුරුදු 16 දී ඇඟිලි තුඩු වලින් ටොන් 9 1/2 ක බරින් යුත් කෝච්චි පෙට්ටියක් සැතපුම් 1 1/4 ක දුරක් ඇද ගිනස් වාර්තාවක් පිහිටුවනු ලැබීය.

ලෝක වාර්තා 18 ක් තබා ලෝකයේ වැඩිම ලෝක වාර්තා තැබූ මිනිසා බවට පත්වීම තම මූලික ඇරමුණ බවත් මේ වන විට ඉන් හතරක් සම්පූර්ණ කර තිබෙන බැවින් ඉතිරි වසර දෙක තුළ තවත් ලෝක වාර්තා 14 ක් තැබීමට අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

 

Exit mobile version