පේරු රාජ්‍යයේ ප්‍රාන්ත 10ක් වසා දැමීමට පියවර

Share

කොරෝනා වෛරස ව්‍යාප්තිය උග්‍රවීම හමුවේ අගනුවර ඇතුළු ප්‍රාන්ත 10ක් වසා දැමීමට පේරු බලධාරීන් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ජනාධිපති ෆ්‍රැන්සිස්කෝ සාගස්ති නිවේදනය‌ කර ඇත්තේ, මෙම Lockdown කිරීම ලබන පෙබරවාරි 14 දක්වා බලපැවැත්වෙනු ඇති බවයි.

ජනතාවට නිවසේ සිට රාජකාරී කරන ලෙස උපදෙස් දී ඇති අතර සියලු ම අත්‍යාවශ්‍ය නොවන සාප්පු, ගුවන් ගමන් අත්හිටුවීමට ද තීරණය කර තිබේ.

නව වෛරස් ප්‍රභේදය රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා යුරෝපයේ සහ බ්‍රසීලයේ සිට එන ගුවන් ගමන් අත්හිටුවීමට ගෙන තිබූ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ද තීරණය වී තිබේ.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ කොරෝනා වෛරසයෙන් මිදීමට ඇති එකම මග එන්නත්කරණය බැවින් එන්නත්කරණ වැඩසටහන ලබන පෙබරවාරියේ ආරම්භ කළ හැකි බවයි.

Read more

Local News