මොළයේ තිබූ කිලෝ ග්‍රෑම් 1.8 ක ගෙඩියක්

ඉන්දීය වෛද්‍යවරුන් විසින් 31 හැවිරිදි පුද්ගලයකුගේ මොළයේ තිබූ කිලෝ ග්‍රෑම් 1.8 (රාත්තල් 2.2) ක ගෙඩියක් ශල්‍ය කර්මයක් මගින් ඉවත් කර තිබේ.

එය මෙතෙක් හමු වූ මොළයක ඇති වූ ලොව විශාලතම ගෙඩිය විය හැකි බව ශල්‍ය කර්මයට එක් වූ වෛද්‍යවරු පවසති‍.

මුම්බායි නගරයේ නයර් රෝහලේ දී සිදු කළ එම ශල්‍ය කර්මය සඳහා පැය හතක් ගත වී ඇත. ඔහු මේ වන විට භයානක තත්ත්වයෙන් මිදී ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version