එක්මෝ ප්‍රතිකාර පහසුකම් වැඩිකරන්නැයි GMOA ඉල්ලීමක් කරයි

Share

මේ වන විට ලොව පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හමුවේ මෙරට වයස අවුරුදු 60ට වැඩි අය සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කාර්යක්ෂ කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.

 

කොවිඩ් මරණවලින් 70%ක් පමණ අවුරුදු 60ට වැඩි ආසාදිත වැඩිහිටි අයගෙන් වාර්තා වන බව ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (05) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම වයස් කණ්ඩායම අතර ආසාදිතයින් වැඩිවුවහොත් අසාමාන්‍ය ලෙස මරණ ද ඉහළ යාහැකි බව අලුත්ගේ මහතා සදහන් කළ අතර මේ මොහොතේ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්තියට විවාහ උත්සව සහ ප්‍රිය සම්භාෂණ වැනි වැඩි පිරිසක් එකතුවන අවස්ථා හේතුවෙන් තිබෙන බවත් ඒ මහතා සදහන් කළේය.

මෙහිදී රෝගීන් සඳහා ලබා දෙන එක්මෝ ප්‍රතිකාර ඉතා සීමිත හෙයින් සෙසු පහසුකම් වැඩි කරන අතර එක්මෝ ප්‍රතිකාර ගැනද තාක්ෂණික තීන්දු ගෙන එම පහසුකම් වැඩි කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

Read more

Local News