දියර කිරි වලින් මෙරට ස්වයංපෝෂිත කිරීම රජයේ අරමුණයි – කෘෂිකර්ම ඇමති

Share

දියර කිරි වලින් මෙරට ස්වයංපෝෂිත කිරීම රජයේ අරමුණ බවත් ඉදිරි සිව් වසර තුළ එම අරමුණට ළගා වෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද  අලුත්ගමගේ මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 

ඒ සඳහා විශාල වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍යවරයා පැහැදිළි කළේය.

පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

පසුගිය රජය සමයේ නැව් මගින් මෙරටට ගෙන් වූ ගවයන් මිය ගිය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කිරි ගවයන් මෙරටට ගෙන්වීම සඳහා රජය මැදිහත් නොවන බව පැවසූ කෘෂිකර්ම අමාත්‍යවරයා, කිරි ගවයන් ඇති කිරිම සඳහා පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ඉඩම් ලබා දෙන බවත් ඒ අනුව පෞද්ගලික ව්‍යාපාරිකයන් හරහා කිරි ගවයන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය

මෙරට වාර්ෂික දියර කිරි ඉල්ලුමෙන් 40%ක් පමණ දේශීයව නිෂ්පාදනය කරන බවත් ඉතිරිය කිරිපිටි වශයෙන් විදේශයන්ගෙන් ආනයනය කරන බවත් මෙරට ලක්ෂ 03ක පමණ සැපයුම්කරුවන් ප්‍රමාණයක් දියර කිරි ඒකතු කරන බව පැවසූ අමාත්‍යවරයා, මිල්කෝ සහ පැලවත්ත වැනි ආයතන ප්‍රධාන වශයෙන් කිරි නිෂ්පාදනයේ යෙදී සිටින බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.

Read more

Local News