බස්නාහිර පෙර පාසල් ලබන 15 වැනිදා සිට ඇරඹිමට අවසර

ලබන 15 වැනිදා සිට බස්නාහිර පළාතේ පෙර පාසල් යළි ආරම්භ කිරීමට අවසර දී තිබේ.

 

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේ, ප්‍රාදේශීය කමිටු මගින් ලබා දෙන නිර්දේශ මත පදනම්ව පෙර පාසල් විවෘත කළ යුතු බවයි.

මේ අතර පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබා දෙන රුපියල් 250 දීමනාව රුපියල් 2500 ක් දක්වා ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේ, ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් මේ වන විට යොමු කර ඇති බවයි.

Exit mobile version