වැල්ලවත්තේ ගොඩනැඟිල්ලකින් වැටී අයෙක් මරුට

ඊයේ (13) රාත්‍රීයේ වැල්ලවත්ත අංක 17 හැම්ඩීන් පටුමග ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් පුද්ගලයෙකු වැටී මියගොස් තිබේ.

 

අදාල පුද්ගලයා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකි.

මිය ගිය තැනැත්තාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර කොළඹ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ වැල්ලවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Exit mobile version