ලොව පුරා කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩුවෙලා : ලෝක සෞඛ්‍ය සංවිධානය

Share

මේ වන විට ලොව පුරා විවිධ කොවිඩ් ප්‍රභේදයන් පිළිබද වාර්තා වෙයි.

 

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේ පසුගිය පෙබරවාරි 14 වැනිදායින් අවසන් වූ සතියේ ලොව පුරා කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම 16% කින් අඩු මට්ටමක පවතින බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව කොවිඩ් මරණ වාර්තා වීම ද 10% කින් අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට පසුගිය සතිය තුළ කොරෝනා මරණ 81000 ක් සහ නව වෛරස ආසාදිතයන් මිලියන 2.7 ක් වාර්තා වී ඇති අතර මෙම තත්ත්වය මීට පෙර සතියට වඩා නව ආසාදිතයන් වාර්තා වීම 500,000 කින් අඩු වී ඇත බව WHO පෙන්වා දෙයි.

අප්‍රිකානු සහ බටහිර පැසිෆික් කලාපයේ ආසාදිතයන් වාර්තා වීම 20% කින් අඩු වී ඇති බව එරට මාධ්‍යන් වාර්තා කරයි.

Read more

Local News