සාධාරණ මිල ගණන් යටතේ, වේදිකා නාට්‍ය ඇතුළුව ප්‍රාසාංගික කලා නිර්මාණ වේදිකාගත කිරීම සඳහා ශාලා පහසුකම් ලබාගත හැකිව තිබූ කොළඹ අගනගරයේ පිහිටි ජෝන් ද සිල්වා සමරු රඟහල කලාකරුවන්ගේ සහ පේ්රක්ෂක ජනතාවගේ අවශ්‍යතා අනුව අනාගතය සඳහා සුදුසු අන්දමින්, කඩිනමින් නවීකරණය කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.
මෙම රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට සූදානමක් පවතින බවට පසුගියදා විවිධ මාධ්‍ය වාර්තා පළ කෙරිණි. ඒ පිළිබඳ කලාකරුවන් අතරින් ද විවිධ සංවාද ගොඩනැගුණු අතර මෙය ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක්විය.
ජොන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට කිසිඳු සූදානමක් නොමැති බවත් මෙය කඩිනමින් නවීකරණ කර කලාකරුවන්ට ලබාදෙන බවත් සඳහන් කරන ජනාධිපතිතුමා ඒ පිළිබඳ කලාකරුවන් දැනුවත් කරන ලෙස ද ජනාධිපති සංස්කෘතික කටයුතු අධ්යක්ෂ ජනරාල් ධර්මසිරි බණ්ඩාරනායක මහතා වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.