බ්‍රිතාන්‍යයට පැනවූ ගුවන් ගමන් තහනම වහාම ඉවතට

Share

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන නව කොවිඩ් -19 ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාව දක්වා පනවා තිබූ තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

 

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ යටතේ එක්සත් රාජධානියේ සංචාරකයින්ගේ පැමිණීම ද නැවත ආරම්භ වීමට නියමිතයි‍‍.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීමකදී සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර ඇත්තේ දින 14 නිරෝධායන හා PCR පරීක්ෂණවලට යටත්ව බ්‍රිතාන්‍යයේ සිට මෙරටට සංචාරකයින්ට පැමිණීමට හැකිවන පරිදි පනවා තිබු සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර ඇති බවයි.

Read more

Local News